මත් සැකකරුගේ පා පහරෙන් පී.සී. රෝහලේ

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන ඇති බවට සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවෙකු පොලිස් ස්ථානය වෙත රැගෙන යද්දී එල්ල කළ පා පහරකින් තුවාළ ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු රෝහල්ගත කළ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා වෙනවා.

මෙසේ තුවාළ ලබා ඇත්තේ නාන්නේරිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු බවයි පැවසෙන්නේ.

මෙම කොස්තාපල්වරයා සහ තවත් කොස්තාපල්වරයෙක්ද සැරයන්වරයෙක් සමග මහානාන්නේරිය ගලයාය ප්‍රදේශයේ මත් වැටලීමකදී යතුරුපැදියකින් ගමන් ගත් අයෙක් පරීක්ෂා කර තිබෙනවා. එහිදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2කයි මිලිග්‍රෑම් 40ක් සොයාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන නාන්නේරිය පොලිස් ස්ථානය වෙත ගෙන ඒමේදී අදාළ පහරදීම සිදුව ඇති බව සඳහන්.

සැකකරු 32 වියැති හිටපු යුද හමුදා නිලධාරියෙකු බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles