තේ වගාව සඳහා යොදනු ලබන T 750, T 709 සහ T 200 යන පොහොර වර්ග සියල්ලෙහිම මිල රුපියල් 2,000කින් අඩු කිරීමට රජය තීරණය කර තිබෙනවා.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව රජයට අයත් කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම් දෙකෙහි සභාපති ආචාර්ය ජගත් පෙරේරාට දන්වා තිබෙනවා.
ඒ අනුව T 750 සහ T 709 තේ පොහොර මිටියක මිල රුපියල් 7,735 දක්වාත්, T 200 පොහොර මිටියක මිල රුපියල් 5,500 දක්වාත් අඩු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ.
මෙම පොහොර සහනය කුඩා හා මධ්‍යම පරිමාණ සියලුම තේ වගාකරුවන්ට ලබාදෙන අතර, මහපරිමාණ තේ වගා කරන සමාගම් සඳහා ඉහත සඳහන් සියලුම පොහොර වර්ග රුපියල් 9,735ක මුදලකට ලබාදීමට ද තීරණය කර තිබෙනවා.
මෙම රුපියල් 2,000ක පොහොර සහනය සඳහා රජයට අමතරව වැයවන මුදල රුපියල් මිලියන 1200ක් වන අතර, එම මුදල් ප්‍රමාණය තේ මණ්ඩලය විසින් දැරීමට නියමිතයි.