වතු වැටුප ගැන තේ වතු හිමියන් තීරණයක් ගනී

රජය යෝජනා කළ පරිදි වතු සේවකයින් සඳහා ඉදිරිපත් කළ රුපියල් 1,700ක වැටුප් වැඩිවීමක් ලබාදිමට හැකියාවක් නැතැයි තේ වතු හිමියන්ගේ සංගමය පවසනවා.

තේ වතු හිමියන්ගෙන් කරුණු විමසීමකින් තොරව අදාළ වැටුප් වැඩි කිරීමට රජය තීරණය කර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජදොරෙයි පවසන්නේ.

“රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්‍රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙනවා ” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles