පිරමීඩ ජාවාරමේ සිටි ගුරුවරයා බොල්ගොඩ ගඟේ පාවෙයි

කොළඹ ප්‍රසිද්ධ පාසලක සේවය කළ පානදුර පරත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි වියේ ගුරුවරයෙකුගේ මළ සිරුරක් බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.

මියගොස් ඇති ගුරුවරයා ප්‍රදේශයේ ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු බවද කියැවෙනවා.

ඔහු ඊයේ සිය නිවසින් අතුරුදන්ව ඇති අතර අද උදෑසන ඔහුගේ සිරුර පානදුර මඩකිස්ස පාරේ බොල්ගොඩ ගඟේ ඉවුරේ පාවෙමින් තිබියදී සොයාගත් බවයි, පානදුර උතුර පොලිසිය පවසන්නේ.

මෙම ගුරුවරයා විශාල මුදලක් පසුගිය දිනවල දැඩි කතාබහකට ලක්වූ නීතිවිරෝධී පිරමීඩ ජාවාරමක ආයෝජනය කර ඇති බවට ද වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles