සිසුවියන්ට අමුතු විද්‍යාවක් ඉගැන්වීමට ගිය ගුරුවරයා අත්අඩංගුවට

වටවල ප්‍රදේශයේ දෙමළ පාසලක පාසල් සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට තැත්කළ එම පාසලේම විද්‍යා විෂය උගන්වන ගුරුවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගුරුවරයා එම පාසලේ වසර 5ක පමණ කාලයක් විද්‍යාව ගුරුවරයා සේවය කළ බව සඳහන් වෙනවා.

එම පාසලේ 10 වන ශ්‍රේණියේ සිසුවියන් තිදෙනෙකුට අතවර කිරීමට උත්සාහ ගෙන ඇති මෙම සැකකරු ඔවුන්ට කෙටි පණිවුඩ යොමු කරමින් ඔවුන් අපහසුතාවයට පත්කර ඇති බවත් එම පණිවුඩවලට පිළිතුරු නොයැවීම හේතුවෙන් සිසුවියන් පන්ති කාමරය තුළ වාඩි වී සිටින අවස්ථාවේ දී අනිසි බලපෑම් සිදුකිරීම හේතුවෙන් අදාළ සිසුවියන් වටවල පොලීසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

44 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles