ඉල්ලීම්වලට කඩිනම් විසඳුම් ඉල්ලා ගුරු- විදුහල්පතිවරු හෙටත් විරෝධතාවයක

සිය ඉල්ලීම්වලට හැකි ඉක්මණින් ප්‍රතිචාර ලබාදෙන්නැයි ඉල්ලා ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය හෙට (02) පාසල් ඉදිරිපිට විරෝධතා පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

එළැඹෙන සිකුරාදා රාජ්‍ය අංශයේ සියලු වෘත්තිය සමිති රැස්කර, ගුරු විදුහල්පති සන්ධානය ලෙස ඒකාබද්ධ කිරීමට සූදානමින් සිටින බවයි ඔවුන් කියා සිටින්නේ.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් එම සන්ධානය අද (01) පාසල් ඉදිරිපිට කළු කොඩි සහ බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවක නිරත වන අතර ලංකා ගුරු සංගමය සඳහන් කළේ, හෙට පාසල් වේලාවෙන් පසුව විරෝධතා පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles