මදුරන්කුලිය වේලාසිය මාර්ගයේ මදුරන්කුලිය නගරයේ සිට කිලෝ මීටරයකට පමණ ආසන්න දුරකින් පිහිටා ඇති ජෝශප්වත්ත ප්රදේශයේ පිහිටි කාලි මෑණියන්ගේ කෝවිලේ සියලු ප්රතිමා විනාශ කර, පිත්තල ප්රතිමා හා ත්රිශූලය සමග පඬුරු පෙට්ටිය සොරා ගෙන ඇති බව මදුරන්කුලිය පොලිසිය පවසනවා.
වාර්තා වන්නේ ප්රදේශයේ ජනතාව විසින් පවත්වාගෙන ගිය මෙම කාලි කෝවිලේ, තිබූ අඩි දෙකකට ආසන්න ප්රතිමා දෙකක් බිම දමා කුඩු කර ඇති බවයි.
කුඩු කර දැමූ කාලි මැණියන්ගේ ප්රතිමා අසල තිබූ පිත්තලින් නිම කර තිබු ත්රිශුලයක් සමග කාලි ප්රතිමා ඇතුළු දෑ සමග පඬුරු පෙට්ටි මෙසේ සොරා ගෙන ගොස් තිබෙනවා.