බංග්ලාදේශ ජනමාධ්‍ය කුපිත කළ ටයිම් අවුට්

ඊයේ (09) ශ්‍රී ලංකා බංග්ලාදේශ තුන් වන T20 තරගයේ ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ ජයග්‍රහණය ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජය සැමරීමට අපූරු ක්‍රමයක් භාවිතා කළා.

මීට මාස කිහිපයකට පෙර එක්දින ලෝක කුසලාන තරඟාවලියේදී බංග්ලාදේශය විසින් ඇන්ජලෝ මැතිවුස්ව ටයිම් අවුට් ආකාරයට දවා ගැනීම මතකයට නංවමින් ශ්‍රී ලංකා ක්‍රිඩකයන් විසින් අතේ බැඳි ඔරලෝසුවක් පෙන්වන ආකාරයක් දක්වනු ලැබුවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපහසුතාවයට පත් වී තිබූ බංග්ලාදේශ ජනමාධ්ය “මෙම සිදුවීමට දැං මාස හතරක් පමණ වෙනවා. ඒක අමතක කිරීමට බංග්ලාදේශ කණ්ඩායමට සහ නායකයාට අවශ්‍යයි. එහෙම වෙලත් මේ සිදුවීම යළි යළි මතක් කරන්නේ ඇයි” යනුවෙන් ප්‍රශ්න කර තිබෙනවා.

මෙහිදී මැදිහත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් පැවසූවේ “එය අමතක කළ යුතු සිදුවීමක් තමයි. ඒ ගැන මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කිරීමත් තේරුමක් නැහැ” යනුවෙනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles