අල්ටෙයාර් ඛේදවාචකය :සිසුන්ගේ මරණ ගැන සැක බව සිසුවාගේ පියා කියයි

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත නම් ඒ පිළිබඳ පැමිණිල්ලක් පොලිසියට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර එම සිදුවීම සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා අවසර ලබා ගැනීමට පැමිණි සිටි නීතිඥ අසංක දයාරත්නට දැනුම් දී තිබෙනවා.

අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ මරණය සැකසහිත බවට සිසුවාගේ පියා ප්‍රකාශ කර තිබෙන බැවින් ඔවුන්ගේ මරණයට සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට අවසර ලබා දෙන ලෙස නීතිඥ අසංක දයාරත්න ඊයේ(08) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කරනු ලැබුවා.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර කියා සිටියේ එම සිසුන් දෙදෙනාගේ මරණය සැකසහිත බවට පුද්ගලික පැමිණිල්ලක් ගොනු කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් මරණයක් සැකසහිත බවට චෝදනා ගොනුකළ යුත්තේ පොලිසියට බවයි.

දැනටමත් කොම්පඤ්ඤවීදිය පොලිසිය බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇති බැවින් එහි ගොනු අංකය ලබාගෙන අදාළ පැමිණිල්ල පොලිසියට සිදුකරන ලෙසද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර වැඩිදුරටත් දැනුම් දෙනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles