කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල, මොළගොඩ මලංගමදී පසුගිය 7 වැනි දා සවස සරසවි සිසුවියක සහ ඇගේ සුරතල් බල්ලා රිය අනතුරකින් මරුමුවට පත්ව තිබෙනවා.
මිය ගොස් ඇත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන මෙරගල්ගේ සනුරි ඉසුරිකා නම් 26 හැවිරිදි යුවතියක්. රඹුක්කන, ගලඋඩදෙණිය පදිංචි ඈ අනතුරකට ලක් ව සිටි තම සුරතල් බල්ලාට ප්‍රතිකාර පිණිස තම සොයුරා සහ ඥාති සොයුරෙකු සමගින් ත්‍රිරෝද රියකින් ගමන් කරන අතරේ මෙම රිය අනතුර සිදුව ඇති බවයි පැවසෙන්නේ.
ත්‍රිරෝද රථය තමාට අදාළ මංතීරුවේ නොගොස් අනෙක් මංතීරුවේ ගමන් කරද්දී ලොරිය මුහුණට මුහුණ හැපී අනතුර සිදුව තිබෙනවා.
මිය ගිය යුවතියගේ සුරතලාද අනතුරෙන් මිය ගොස් සිටි අතර ඥාති සොයුරන් දෙදෙනාගේ තත්වය ද බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා.