බෞද්ධ සහ කතෝලික ආගම්වලට අපහාස කළ බවට සැකපිට මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව හදාරන සිසුවෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සමාජ මාධ්‍ය භාවිත කරමින් ආගම්වලට අපහාස කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා පරිගණක අපරාධ කොට්ඨාසයේ වෙනම ඒකකයක් පසුගිය 13 දා ස්ථාපිත කෙරුණා.
සතියක පමණ කාලයකට පැමිණිලි ලැබී ඇත්තේ 4ක් පමණ වුවද එයින් තුනක් ම මේ සැකකරු සම්බන්ධයෙනුයි, ලැබී තිබුණේ.
සැකකරු පසුගිය 21 දින අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජනවාරි 4 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කීරීමට අධිකරණය තීන්දු කරනු ලැබුවා.