මධුමාධව අරවින්ද කියන්නෙ රංගන ශිල්පියෙක්. ගායන ශිල්පියෙක් ඒ වගේම දේශපාලනඥයෙක්. ඔහු කාලෙන් කාලෙට ඔහුගේ මුහුණ පොතේ අමුතු අපූරු අපූරු සටහන් තියනවා. ඒත් දැන් දින කිහිපයකට කලින් මුහුණු පොතේ ටිකක් වෙනස් විදිහෙ කතාවක් ලියල තිබුණා. ඔහුගෙ ගොඩක් සටහන් එහෙම කතා කරන්න සුදුසු මට්ටමේ නැති වුණත් මේක සංවේදී කතාවක් නිසා ඒ ගැන කතා කරන්න හිතුවා.
මධු මේ වෙද්දී විවාහ වෙලා ඉන්නෙ එරන්දිත් එක්ක. ඔහු ලංකාවේ හිටියත් ඇය මේ මොහොතේ ඉන්නේ එංගලන්තයේ. ඇය එහි හෙදියක්.
එරන්දි පහුගිය කාලයේ බරපතළ විදිහට අසනීප වෙලා. තම ආදරණීය බිරිඳගේ හදිසි අසනීපය නිසා මධුමාධව ඉඳල තියෙන්නේ බොහොම දුකෙන්. ඒ වේදනාව පැරදූ සතුටක් ලබන්න ඔහු වාසනාවන්ත වෙලා තියනවා. ඒ වෙනුවෙන් ඔහු තබා තිබුණේ මෙවැනි සටහනක්.
“පිළිකාව පැරැද්දූ ඇය මෙනින්ජයිටිස් පැරැද්දුවා. මොළේ උණ. ඔව්, මම නැතුව තනිවම. මගේ අම්මගේ ලස්සනම සීනි බනිස් මේ ටිකේ තනියම ජීවිතය හෙව්වා. අයි.සී.යූ එකේ. හැමදේම හංගන මිනිස්සුන්ට මට දෙන්න තියෙන බණ පදය. අපි හැමදේම කියනවා මගේ උන්ට. හේතුව ව්‍යාපාරයකට තමන්ගේ මුදල් වගේ අපේ කලාපයට තමන්ගේ මිනිස්සු ඕනේ .බුකියේ මගේ උන්ට මගේ ජීවිතය උන් එක්ක කියන එක මට හිතෙනවා මගේ වගකීමක්, යුතුකමක් පුරුද්දක්. මගේ නෝනා පිළිකාව හැදුණු එදාට වැඩිය මාව බය කළා. අසරණ කළා. ඒ වගේම මාව සහ එයාට ආදරේ හැමෝටම මොකක්දෝ දෙයක් කළා. ඇය නිහඬවම කොට්ටේ විකාගෙන මගේ දිහා බලාගෙන හිටියා.’ මගේ මහත්තයෝ මම ගෙදර ආවේ නැත්නම් ඔයා රජෙක් වගේ ඉන්න’ කියලා ලියද්දි මගේ පපුව පැළුණා. මට හුස්ම ගන්න හඬ ඇහුණා.
මෙනින්ජයිටිස් ඒක වෙනස්, භයානක ම ලෙඩක්. මට අනුව මම නම දැම්මේ ජෙමින් ඩයිටිස්. මැණිකක් මොළේට යෑම. ඇත්ත නම මෙනින්ජයිටිස්. විෂ බීජයක් මොළේට යෑම.
කෙටියෙන්ම කියන්නම් ඇය ජීවිතය සමඟ ආයෙත් සටන් කරලා දින්නා. මට කියන්න තියෙන්නේ එකයි ලෝකෙටම ඇහෙන්න. මාව ආදරයෙන් හුස්ම ටිකක් දීලා වෙනස් කරපු මගේ අහිංසකී. මන් දන්න ලොකුම ඇත්ත ඔයා තමයි පණ. සත්තම සත්තයි ඔයාගේ පණ පල්ලා. ඔයා ගියා නම් මමත් එනවමයි. “
ඒ අත්දැකීම ඔහු ඉතා සංවේදීව අකුරු කරලා තිබුණා.
සතියක් තිස්සේ අයි.සී.යූ එකේ ජීවිතයේ අලුත් හුස්ම ටිකක් හෙව්ව ඇය තනි නොකළ බොහෝ දෙනෙකුටත් ඔහු තම සටහනෙන් ස්තුතිය පළ කරලා තිබුණා.
ආදරය, සෙනෙහස කියන්නේ නාම පදයක් නෙවෙයි, ක්‍රියා පදයක් බව ලෝකෙට කියන්නත් මධුමාධව අවසර ඉල්ලලා තිබුණා .
වයලට් ප්‍රියදර්ශනී විතානගේ
🙏🙏🙏