යාපනය ශීක්ෂණ රෝහල තුළ හෙදියන් ඇතුළු අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කර තිබෙනවා.
උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මතයි මෙම තහනම පනවා තිබෙන්නේ.
මෙම තීරණය ගෙන ඇත්තේ උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වුයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකීරීම නිසා බවට තොරතුරු හෙළි වීමත් සමඟයි.
එමෙන්ම හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා ඇත්තේ, එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බැවින් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි.