ජල ප්‍රහාර රථයක් ගිනි ගනී

පොලිස් ක්‍ෂේත්‍ර බළකා මූලස්‌ථානයේ නතර කර තිබූ ජල ප්‍රහාරක රථයක් හදිසි ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

ගින්න ඇතිවීමත් සමඟ නිලධාරින් විසින් ගින්න පාලනය කර ඇති අතර ගිනි ගැනීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

ගිනි ගැනීමට හේතුව විමර්ශනයෙන් පසු මහජන සාමය කළමනාකරණ කොට්ඨාශය වාර්තා කරන ලෙසට දැනුම් දී ඇති බවත් ගිනිගැනීම හේතුවෙන් රථයේ එන්ජින් කොටසට හා ඉදිරිස කොටසට අලාභ හානි වී ඇති බව වැඩිදුරටත් සඳහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles