සිය බිරිඳ මිය ගිය ශෝකය දරා ගත නොහැකිව වස පානය කර සිය දිවි නසා ගැනීමට වෑයම් කළ තරුණ සැමියෙකු පිළිබඳ පුවතක් ඉංගිරිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පසුගිය ජනවාරි 20 දින රාත්‍රී 8ට පමණ ඉංගිරිය ඇලබඩ පාරේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් එක් යතුරු පැදියක පසුපස ගමන් ගත් ඉංගිරිය ඇලබඩ පාර පදිංචි ගීෂා දිල්තුෂා සමන්මලී නමැති තරුණ කාන්තාව බරපතළ තුවාළ ලබා මිය ගොස් තිබුණා. මිය යන විට ඇය 20 වැනි වියේ පසුවූ බවයි සඳහන් වන්නේ.
මෙම අනතුරින් තුවාළ ලැබූ ඇගේ සැමියාද හොරණ රෝහලේ ප්‍රතිකාර ලබා තිබෙනවා. පසුව නිවස වෙත පැමිණෙන අතරමගදී බිරිඳ මිය ගිය පුවත අසන්නට ලැබී ඇති අතර වේදනාව දරාගත නොහැකිව ඔහුද වස පානය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.
කෙසේ වෙතත් දිවි බේරා ගැනුණු ඔහු මේ වන විට හොරණ රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.