වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සිය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වන ඇල්ලෙපොළ රංජිත් පුෂ්පකුමාර සමඟ එක්ව සමනල වැව රජයේ වනාන්තරයේ විදුලි වැටක් ඉදිකිරීම ඉදිරියට දමමින් අක්කර 20ක පමණ වනාන්තර තීරයක් කපා දමා ඇතැයි පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරනවා.
ඔහුට අනුව මෙම වන විනාශය සිදු කරනු ලබන්නේ සමනල වැව වේල්ලේ කුඹල්ගම සිට 15KM පමණ දිගින් යුත් විදුලි වැටක් ඉදිකිරීමටයි. මේ ක්‍රියාවලිය නිසා සමනල වැව ජලපෝෂක වනාන්තරයට දැවන්ත විනාශයක් සිදු වී තිබෙන බවයි චාමිකර පෙන්වා දෙන්නේ.
රත්නපුර දිස්ත්‍රික්කයට අයත් බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි මුල්ගම, වටවල, පෝටකඩ, වල්ලකොළ මුල්ල හා බලිදු වැව යන ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම සඳහා මෙම විදුලි වැට ඉදි කිරීමට යෝජනා කර තිබෙනවා.
උඩවලව ජාතික වනෝද්‍යානයේ සිට මිල්ලගල අලිමංකඩ හරහා කල්තොට, දූවිලි ඇල්ල දක්වා අලි සංක්‍රමණය වීමේ දී මෙම ගම්මානවලට අලි – ඇතුන් පිවිසීම වැළැක්වීම මෙම විදුලි වැට ඉදි කිරීමේ අරමුණ වී ඇති නමුත් උඩවලවේ සිට පොකුණුතැන්න, මිල්ලගල, බෝගහපට්ටිය, ඉලුක්පැලැස්ස, දූවිලි ඇල්ල දක්වා වලවේ ගඟ දිගේ ගමන් කරන මෙම අලි – ඇතුන් මෙම ගම්මානවලට පිවිසීම වැළැක්වීමට ගම්මාන ආවරණය වන පරිදි කුඩා විදුලි වැටක් ඉදි කර මෙම ප්‍රශ්නයට විසදුම් ලබා දීමට හැකියාව තිබිය දී දැවැන්ත ව්‍යාපෘතියක් ලෙස පවිත්‍රා වන්නිආරච්චි හා රංජිත් පුෂ්පකුමාර එක් වී මෙය ක්‍රියාත්මක කරන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විෂයභාර නිලධාරීන් ගේ සැලැසුමක්, අධීක්ෂණයක් හා මඟ පෙන්වීමක් නොමැති ව බවයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.
2009 අංක 65 දරණ පනතේ 20 වැනි වගන්තිය අනුව පණවා ඇති නෛතික ප්‍රතිපාදන ඇමැතිවරියට හා ඇගේ සම්බන්ධීකරණ ලේකම්වරයාටද අදාළ බවයි පරිසරවේදී චාමිකර වැඩිදුරටත් කියා සිටින්නේ.
මෙම කිසිදු කටයුත්තක් සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිහඬ අනුමැතිය හේතු වී ඇති බව මේ අනුව පෙනී යනවා.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පෙන්වා දෙන පරිදි විදුලි වැට එක කිලෝමීටරයක් වෙනුවෙන් අක්කර දෙකහමාරක වනාන්තරයක් ඉවත් කිරීමට සිදුවන බැවින් රුපියල් මිලියන 2-3ත් අතර මුදලක් ඊට වැයවෙනවා. මෙය කොමිස් මුදල් හා දැවැන්ත දැව ජාවාරමක් වෙනුවෙන් සිදු කරන බව පෙනීයන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.
වනජීවී සහ වන සම්පත් සංරක්ෂණය වෙනුවෙන් පත් කර ඇති අමාත්‍යවරිය මෙලෙස කටයුතු කිරීම “ගොයම ආරක්ෂා කිරීම පැවරී ඇති වැට සහ නියර එම ගොයමම කා දැමීම වැන්නක්” බවයි ජනතාව පවසන්නේ. පරිසර සංරක්ෂණය ගැන ලෝකයට පරකාසේ දොඩවන ජනාධිපතිවරයා සිය කැබිනට් අමාත්‍යවරිය සිදු කරන මේ ක්‍රියාව ගැන වගේ වගක් නැත්තේ බලය ගිලිහී යාම පිළිබඳ බිය නිසා දැ යි දේශපාලන විචාරකයන් විමසා සිටිනවා.
මේ පිළිබඳව සජීව චාමිකර පළ කර ඇති වීඩියෝව පහත සබැඳියෙන්,