සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ගමන් ගත් රථයේ ගැටී කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ශානුක රවිඳු (22) නම් තරුණයා ඊයේ (11) මිය ගොස් ඇති බව වාර්තා වෙනවා.
යතුරු පැදි අලෙවිකරණ ව්‍යාපාරයක යෙදී සිටි තිහාරිය, කලගෙඩිහේන පදිංචි මෙම තරුණයා නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා ගමන් ගත් රියේ හැපී අනතුරට ලක්ව තිබුණේ පසුගිය ජුනි 3 වැනි දිනයි.
අනතුරෙන් හිසට බරපතළ තුවාල සිදුවූ ඔහුගේ මොළය මිය ගොස් ඇති බවට වෛද්‍යවරු තීරණය කළ අතර ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු අවයව දන්දීමට භාරකරුවන් කැමැත්ත පළ කර තිබුණේ අනතුරට පෙර සිට ශානුකගේ කැමැත්ත එයට පළ කර තිබීම හේතුවෙන්.
මෙම අනතුර සිදු කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාගේ රියදුරු පොලිස් අත්අඩංගුවට පත් වුණු අතර අනතුරට පත් තරුණයාට රුපියල් 50000ක සානුකම්පිත දීමනාවක් ලබා දෙන ලෙස නියෝග කරමින් රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත අදාළ රියදුරු මුදා හැර තිබෙනවා.