ඊයේ (01) දින පස්වරුවේ ත්‍රිකුණාමලය වරාය මාර්ගයේ සිංහල මධ්‍ය විද්‍යාලය අසලදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක තරුණයෙකු හැපී අනතුරක් සිදුව තිබුණා. අනතුරින් තරුණයා බරපතළ තුවාළ ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුරෙන් පසුව ප්‍රකෝපකාරීව හැසිරුණු තරුණ පිරිසක් බස් රථයට පහරදී අලාභහානි සිදු කර ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ කැඳවා තිබුණා.