ජනපති අපේක්ෂක විවාදයට තව පැය 2යි

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජනාධිපති ධුර අපේක්ෂකයින් සහභාගී වන සජීවී විවාදය අද (07) පැවැත්වීමට නියමිතයි.

ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයී.

මාර්තු 12 ව්‍යාපාරය විසින් සංවිධානය කර ඇති මෙම විවාදය සඳහා ජනාධිපති ධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් සහභාගී වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

අද පස්වරු 3 සිට 5 දක්වා මෙරට සියලුම ප්‍රධාන රූපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය ජාලා 200කට ආසන්න ප්‍රමාණයක මෙම විවාදය සජීවීව විකාශය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles