මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇතැයි වාර්තා වෙනවා.
ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළා.
එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්.
ඊට අමතරව සිවිල් පුද්ගලයින් 22කු අදාළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පුද්ගලයින් 68 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම කාලය තුළ නඩු 56ක් අවසන් කිරීමට ද පියවර ගෙන ඇති බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු 237ක් තවදුරටත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර විත්තිකරුවන් 19 දෙනෙකු මේ වසරේ ගතවූ කාලය තුළ වරදකරුවන් බවට පත්වී ඇති බවද වාර්තා වෙනවා.