තමන්ට එරෙහි කුමන කුමන්ත්‍රණ දියත් කළ ද තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අනිවාර්යයෙන්ම ඉදිරිපත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවට ව්‍යාජ ප්‍රචාරයන් පතුරුවන්නේ එවැනි කණ්ඩායම් බවත් එසේ කරන්නේ තමන්ට ජීවිතය සම්බන්ධව තර්ජන ඇති නිසාදැයි සැක සහිත බවත් විපක්ෂනායකවරයා පෙන්වා දෙනවා.
” රජයේ නියෝජිතයෝ ගොබෙල්ස්ගේ මාධ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරමින් අලුත් ප්‍රතිපත්තියක් මවා පානවා. රනිල් ජනාධිපතිකමට ඉල්ලනවා නම් සජිත් ඉල්ලන්නේ නෑ කියලා. මෙහෙම කියන්නේ, මම ජනාධිපතිවරණයට ඉල්ලනකොට ගෝඨාභය රාජපක්ෂ සමඟ ගිවිසුම් ගහලා කුමන්ත්‍රණ කරලා, මාව පරද්දන්න කටයුතු කරපු කට්ටිය. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. ඒකේ කතා දෙකක් නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න මම ජීවතුන් අතර ඉන්න ඕනේ. සජිත් ඉල්ලන්නේ නෑ කියන්නේ ව්‍යංගාර්ථයෙන් සජිත් ප්‍රේමදාසගේ ජීවිතය පිළිබඳ ප්‍රශ්නයක් ද කියලා මට හිතෙනවා. මම මරණයට බය නිවටයකු නොවෙයි. ඕනෑම අභියෝගයකට මුහුණ දීමට මම සූදානම්. කිසිදු අවස්ථාවක රාජපක්ෂලා සමඟ ඩීල් හා ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ.”