හතුරුසිංහගෙත් පට්ටම ගැලවෙන ලකුණු

බංග්ලාදේශ ජාතික කණ්ඩායමේ පුහුණුකරු වන ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ ඉතා ඉක්මනින් ඉවත් කරන බව බංග්ලාදේශයේ ක්‍රිකට් සභාපති ෆාරුක් මොහොමඩ් විසින් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ෆාරුක් මොහොමඩ් විසින් චන්දික හතුරුසිංහ දැඩිලෙස විවේචනය කරමින් කියා ඇත්තේ බංග්ලාදේශ ක්‍රිකට් සාර්ථකත්වය සාමූහිකත්වය නිසා ගොඩනැගුණු බවත් ඔහු මැජික්කාරයෙකු නොවන බවත්ය.

කෙසේ වෙතත් 2025 චැම්පියන් තරඟාවලිය තෙක් චන්දික හතුරුසිංහගේ ගිවිසුම ක්‍රියාත්මක වුවත් ඉදිරි දින කිහිපයේදී ඔහු ඉවත් විය යුතු බව නව සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

ෆාරුක් බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ධුරය භාර ගනු ලැබුවේ මීට සතියකට පෙරයි.

2016 වසරේදී ද ෆාරුක් බංග්ලාදේශයේ ක්‍රිකට් සභාපති ලෙස පත් වූ අතර එහිදී ද ඔහුට ඉල්ලා අස් වීමට සිදු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles