සී/ස අධ්‍යාපන සේවා නියුක්තිකයින්ගේ සමූපාකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය (EDCS) හි බරපතළ මූල්‍ය වංචා රැසක් සිදුව ඇති බව අධ්‍යාපන වෘත්තිකයන්ගේ සේවා සංගමයේ සභාපති රොෂාන් ප්‍රියශාන් පවසනවා.
ගොඩනැගිල්ල ඉදිකිරීමේදී මේ වන විට කෝටි 5කට අධික මුදලක් අවිධිමත්ව වියදම් කර තිබීම එහි මූලික කරුණක් ලෙස දැක්වෙනවා. පරිගණක ගනුදෙනුවකදී එකදු පරිගණකයක් හෝ ලබා නොගෙන සියලු මුදල් ගෙවා ඇතැයි ද සඳහන් වෙනවා. එහිදී ප්‍රියශාන් චෝදනා චෝදනා කළේ ණය ගෙවා ගැනීමට බැරි තරම් ආයතනය බංකොළොත් වී ඇති බවයි.
මේ පරිගණක ගනුදෙනුව ලක්ෂ 550ක පමණ මුදලක් ගෙවා ඇති බවයි පැවසෙන්නේ. ගොඩනැගිලි අලුත්වැඩියාවට බව පවසමින් ලක්ෂ 690ක් ක් ගෙවා ඇතත් එහි වැඩද අතරමග නවතා තිබෙනවා.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් සඳහන් කළේ මේ මූල්‍ය අක්‍රමිකතාවන්ට දේශපාලන මැදිහත්වීම් හේතු වී ඇති බවයි.