රජයේ රැකියා පෙන්නා මුදල් ගරන අලුත් සෙල්ලමක් කොටුවෙයි

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රැකියා දෙන බව පවසා රැකියා විරහිත අයගෙන් මුදල් ගරාගන්නා ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු පෙබරවාරි 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය තීන්දු කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ගනේමුල්ල පදිංචි හසිත ධම්මික නම් අයෙක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර පුද්ගලයන් 14 දෙනෙකුට යවා ඇති අතර ඔවුන්ගෙන් මුදල් එකතු කරගෙන ඇති බව සඳහන්. එසේ එකතු කරගත් මුදල රුපියල් ලක්ෂ 50කට ආසන්න බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් මෙම ලිපි රැගෙන අදාළ පුද්ගලයන් අමාත්‍යංශය වෙත ගිය පසු මෙම වංචාව හෙළිව තිබෙනවා.

අමාත්‍යංශ ලේකම්වරයා විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ පසුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles