අද දින චාමර සම්පත් රාජ්‍ය අමාත්‍යවරයා අශිෂ්ට ලෙස භාෂා භාවිතයෙන් පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරයකගේ විරෝධය එල්ල වුණා.
ගැලරියේ පාසල් සිසුන් සහ වෙනත් ආගන්තුක පාර්ශ්වයන්ද සිටියදී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අශිෂ්ට ආකාරයෙන් සිය භාෂාව හසුරුවනු ලැබුවා. විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම, රවුෆ් හකීම් ආදී වශයෙන් පක්ෂ භේදයකින් තොරව රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පළ කරනු ලැබුවා.
පාර්ලිමේන්තුව වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා ගරු නි. කතානායකතුමනි, මීට විනාඩියකට පෙර මේ පාර්ලිමේන්තුවෙදි හුවමාරු වෙච්චි වචන කෝෂය එක්ක පාර්ලිමේන්තුව පිළිබඳ තවත් අර්ථකථන එන්න පුළුවන් සමාජෙට. 225 ම හොරු කියලා සමාජ සම්මතයක් ගොඩ නැගුණා. 225ම රස්තියාදුකාරයො කියලා ඒ ආකාරයෙන්ම මතයක් ගොඩ නැගෙන්න පුළුවන්. මේ පාසල් දරුවො ඉන්නෙ. අනුර කුමාර මන්ත්‍රිතුමා එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. සියලු සහෝදර මන්ත්‍රීවරුන් වෙනුවෙන් මම දරුවන්ගෙන් සමාව ඉල්ලනවා. ඔවුන් කවදාවත් මේක නරඹන්න වෙන්නෑ මෙහි මෙවැනි අශිෂ්ඨ අශ්ලීල විදිහට කතා කරන බව දන්නවා නම්..
යනුවෙන් ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අමතමින් මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවා.