මහින්දානන්ද පහරදුන් බවට සාක්ෂි නෑ: පොලිසිය

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විසින් ආණ්ඩු පක්ෂ රැස්වීම දා තම පක්ෂයේ ම මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂට පහර දුන් බවට වන සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ එම සිද්ධිය ඇසින් දුටු සාක්ෂි නැති බවයි.

කෙසේ වෙතත්, උක්ත සිදුවීමේ දැඩි ලෙස තුවාල ලැබූ රාජපක්ෂ මන්ත්‍රීවරයා යුද හමුදා රෝහලට ඇතුලත් කරනු ලැබු අතර, අස්ථියක් බිඳීම නිසා ශල්‍යකර්මයක් සිදුකර යකඩ තහඩුවක්ද ඔහුගේ කකුලට සම්බන්ධ කර තිබෙන බව වාර්තා වුණා.

ගුණතිලක රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් තබමින්, මෙම සිදුවීම සම්බන්ධ සියල්ල තමන් පාර්ලිමේන්තුවේ දී හෙළිකරන බවත් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුනොවන බවත් ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles