නුවන් හෙට්ටිආරච්චි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලික අංශයට විකුණා දැමීමට රජය තීරණය කළ ද එය මිල දී ගැනීමට කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැහැ.
ඊට හේතුව විවිධ ආයතන වලට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇමරිකානු ඩොලර් කෝටි සියයක් (100)පමණ ණය වීමයි.
එම මුදල් මෙම සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට තිබෙනවා.
මේ නිසා එම සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඉල්ලා සිටින බව රජයේ ආරංචි මාර්ග පවසනවා.
අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින අතර ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වු වද ගුවන් සමාගම සතුව දැනට ගුවන් නියමුවන් සිටින්නේ 268 දෙනකු පමණයි.
ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර ගුවන් යානා හයක් භාවිතයට නොගැනේ.
සියලු ගුවන් යනා කල් බදු පදනම යටතේ ලබාගෙන ඇති අතර යානයක් සඳහා මාසයකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක් පමණ බදු ගෙවමින් සිටින බවට වාර්තා වෙනවා.