පොහොට්ටුව බිඳින්න ඇතුළෙන්ම බලවේග තිබුණා : නාමල්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොඩනගන ලද ආණ්ඩුව ඇදවැට්ටවීමට ආණ්ඩුව තුළම විවිධ බලවේග ක්‍රියාත්මක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

“ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරළන්න කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් විදියටයි යහපාලන ආණ්ඩුව ගොඩනැගුණේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා භාර ගත්තේ මහින්ද මහත්තයා භාරදීපූ ආණ්ඩුව නෙමෙයි. වැටිච්ච් ආණ්ඩුවක්.” යැයිද ඔහු ප්‍රකාශ කර සිටියා.

“සටන අරඹමු රජරටෙන්” යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මංගල ආසන සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයෙන් ආරම්භ කෙරුණා.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව පැවැත්වූවත් ඔහු සමුළුව අමතා කතා නොකිරීම විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles