රට ගිය කවිඳු මැරිලා ලු: හේතුවක් නෑ, සිරුරත් නෑ – මව්පියන් ළතැවිල්ලේ

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටි සිය පුත්‍රයා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට ඔහුගේ ඥාතීන් චෝදනා කරනවා.

බද්දේගම ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිටි කවිඳු සත්සර මීට වසර එකහමාරකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇති අතර ඔහු එරට ආපනශාලාවක සූපවේදියෙකු ලෙස කටයුතු කළ බවයි සඳහන් වන්නේ.

කවිඳු පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් සමග දිනපතා කතාබහ කළත් පසුගිය 06 වනදා සිට සිය පුතු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවට පවසන මව්පියන් කවිඳුගේ රැකියා ස්ථානයෙන් කළ විමසීමකදී එහි නියෝජීතයින් ඔවුන්ට දන්වා ඇත්තේ මේ වනවිටත් කවිඳු මියගොස් ඇති බවයි.

මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරන ලෙසත් රැකියා ආයතනය පවසන පරිදි සිය පුතු මිය යෑමට හේතුව සොයාදෙන ලෙසත් එලෙස මියගොස් ඇත්නම් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසටත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles