වෛද්‍යවරයෙකු වසර දහයක කාලයක් රටට අනිවාර්යෙන් සේවය කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු යැයි රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසනවා.
එසේ නොකර හොරෙන් රට අතහැර යන වෛද්‍යවරුන් අත්අඩංගුවට ගත යුතු බවයි හිමියන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
වෛද්‍යවරයෙකු බිහිකිරීම සඳහා ජනතා බදු මුදලින් රුපියල් මිලියන 30-40ක් අතර මුදලක් වියදම් වන බවත් ඉන්පසු තමා හා දරු පවුලේ සුඛ විහරණය සඳහා ඔවුන් රට අතහැර යන බවත් නන්ද හිමියෝ චෝදනා කරයි.