2009 වසරේ යුධාවසාන සමයේ සිදු වූ අපරාධ සහ සිය ඥාතීන්ගේ ඉරණම සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරේ අතුරුදහන් වූවන්ගේ මව්පිය පිරිසක් අගොස්තු 01 දින විදේශ නියෝජිතයන් මුණ ගැසී තිබෙනවා. ඒ කොළඹ පිහිටි කැනේඩියානු තානාපති කාර්යාලයේ දී.
සිය ගැටලුවලට සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය දිගින් දිගටම අසමත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
අතුරුදහන් වූවන්ගේ ඉරණම කුමක්ද යන්න හෙළිදරව් කරන ලෙසත්, ඔවුන්ට සාධාරණයක් කරන ලෙසත් උතුරු-නැගෙනහිර අතුරුදහන් වූවන්ගේ සාමාජික පවුල්වල පිරිස් දීර්ඝ අරගලයක යෙදී සිටිති. කිසිදු පිළිතුරක් නොලබාම මේ පවුල්වල අයගෙන් 125කට අධික පිරිසක් මේ වන විට මියගොස් තිබේ.
අතුරුදන් වූවන්ගේ මව්පිය සහ පවුල් එකතුවී විසින් සිදුකරන විරෝධතාවට මේ වන විට දින 2300ක් පමණ ගතව තිබෙනවා.