පොහොට්ටු මන්ත්‍රීන් රැසක් රනිල් සමඟ යන බව කියා, මහින්ද හමු වී සමුගනිති

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරු 30 දෙනෙකු පමණ ඊයේ (25) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වෙනවා.

එහිදී එම කණ්ඩායම පවසා ඇත්තේ ඉදිරි ජනපතිවරණයේදී තමන් ඇතුළු තවත් පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බවයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ජනපතිවරයාට සහය දීමට සූදානම් බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සුදුසු නැති බව ඔවුන් හිටපු ජනපතිට පෙන්වා දී ඇතැයි සඳහන්.

එම පක්ෂයේ ඛණ්ඩනය ඉතා පැහැදිලිව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ජනපතිවරයා වෙත එල්ල කළ විවේචනයෙන්ද පැහැදිලි වන බව පෙනී යන අතර ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බරපතළ පසුබෑමකට පත් වන බව දේශපාලන විචාරකයන් අනාවැකි පළ කරනවා.

4 COMMENTS

  1. Okun ohoma tama
    Waseya pattata paninawa
    Apa gamwala obatumata tamat grukarana paksikayo ennawa
    Samanya janatawa atarata enna galla chanda tika api aran danawa.co 0714786306

  2. පොහොට්ටුව පරාද වෙනවා කියලා විචාරකයෝ කියන්න ඕන නැහැ.මහපොළොවේ පයගහලා ඉන්න බත්කන ඕනම එකෙකුට ඒක තේරෙනවා.රනිල් සීයටත් එමම තමයි.තරඟය අනුර හා සජිත් අතර තියෙන්නෙ.ඒකෙන් අනුර දිනනවා .

  3. බයවෙන්න එපා, මහින්ද මහත්තයා සක්කිලි ඇමතිලා /මන්ත්‍රීවරුන් ගියාට ජන්දදායකයෝ යන්නේ නැ , පොහොටිටුව කෙනෙක් ජනාධිපතිවරණයට දාන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles