රොනීගේ නිවසට හොරු පනී

හිටපු මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය, අභාවප්‍රාප්ත රොනී ද මැල්ට අයත් දෙවිනුවර, 103 කණුව ඉදිරිපිට පිහිටා තිබූ නිවසට ඊයේ (05) රාත්‍රියේ දී ඇතුළු වූ සොරුන් කණ්ඩායමක් එහි වටිනා භාණ්ඩ හා දේපළ රැසක් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය පවසනවා.

දෙවිනුවර නිවසේ මුරකරු විසින් ගන්දර පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති අතර,රොනී ද මැල්ගේ පෞද්ගලික ලේකම් කේ.එච්.විල්ෆ්‍රඩ් විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත ද පැමිණිලි කර තිබෙනවා.

මේ පිළිබඳ ගන්දර පොලීසියට අමතරව, පොලිස්පති විශේෂ නියෝගය මත තවත් පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles