අද දින අලුයම 6.30 සිට ක්‍රියාත්මක වෙන සෞඛ්‍ය සේවා වැඩවර්ජනය සම්බන්ධයෙන් නව තොරතුරු ලබා ගැනීමට Lankaline අප විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය සභාපති චානක ධර්මවික්‍රම සම්බන්ධ කරගත්තා.
ඔහු පවසන්නේ උද්ගතව ඇති තත්වය රෝහල්වලට හමුදාව යොදවා විසඳීමට හැකියාවක් නැති බවයි. එවැනි ක්‍රියාමාර්ග පැලැස්තර විසඳුම් පමණක් බව පවසන සභාපතිවරයා කියා සිටියේ පිළිකා රෝහල්, මධ්‍යම ලේ බැංකුව, ළමා රෝහල ඇතුළු අත්‍යාවශ්‍ය ආයතන වැඩවර්ජනය මධ්‍යයේ වුවද ස්වේච්ඡාවෙන් පවත්වාගෙන යෑමට තමන් කටයුතු කර ඇති බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්රකාශයන්ට අනුරූපව ආණ්ඩුව මෙම අසාර්ථක උත්සාහයන් ගනිමින් ඉන්නා බව පවසන ධර්මවික්‍රම, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා චක්‍රලේඛයක් නිකුත් කරමින් රෝගීන්ට අදාළ පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් කරන්නැයි දන්වා ඇතැයි පවසා සිටියා. ඒ හරහාද නාස්ති වන්නේ ජනතා මුදල් බව පවසන ඔහු කියා සිටින්නේ වර්ජනය දික්ගස්සන එවැනි අමනෝඥ ක්‍රියා සිදු නොකර වර්ජකයන් හා සාකච්ඡා කර මෙය විසඳීමට ක්‍රියා කළ යුතු බවයි.
කෙසේ වෙතත්, වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන්නේ ද යන්න, ආණ්ඩුවේ ප්‍රතිචාර අනුව අද සවස දැනුම් දෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.