වතුකරයේ දරුවන් මන්දපෝෂණයෙන් වැටෙද්දී තොණ්ඩමන් නිළියන් සමඟ තෛපොංගල් සමරයි

තෛපොංගල් දිනය අවසන් වී සතියකට පමණ පසුව ජාතික තෛපොංගල් උත්සවය ඊයේ (21) හැටන් නගරයේ උත්සවාකාරයෙන් පැවැත්වුණා.

මෙම උත්සවය වෙනුවෙන් දකුණු ඉන්දීය ප්‍රකට නිළියන් සහභාගි වී තිබෙනවා.

ජල සම්පාදන හා වතුයටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්ගේ ප්‍රධානත්වයෙන් හැටන් ප්‍රදේශයේ පැවති උත්සවයකදී මෙම පිරිස උත්සවාකාරයෙන් තෛපොංගල් සමරනු ලැබුවා.

දකුණු ඉන්දීය නිළියන් වන Aishwarya Rajesh, Aishwarya Dutta, Samyuktha Menon, සහ Meenakshi (Pinky Sarkar) මෙම උත්සවයට සහභාගී වූ බවයි වාර්තා වන්නේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් යන අයගේ ප්‍රධානත්වයෙනුයි මෙය පවත්වා ඇත්තේ.

කෙසේ වෙතත් 20 වැනිදා හැටන් නගරයේ ම විශේෂ මාධ්‍ය හමුවකට එක් වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පැවසුවේ වතුකරයේ දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බව සහ දරුවන් දහස් ගණනක් ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපනය අතහැර දමා ඇති බවයි.

තත්වය එසේ තිබියදී තෛපොංගල් දින පසුවීත් කරන මෙවැනි ප්‍රදර්ශනාත්මක උත්සව මුදල් කාබාසීනියා කරන විහිළු බවද ඔහු පවසා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles