පියුමිව ඇමැතූ අයගෙනුත් ප්‍රශ්න කරන්න යයි

නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි සමග දුරකතනය ඔස්සේ කතා බහ කළ 50කට ආසන්න පිරිසකගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියේ සූදානමක් ඇතැයි වාර්තා වෙනවා.

ඇය භාවිතා කරන ජංගම දුරකතනය ඔස්සේ සිදු කරන විමර්ශනවලින් අනාවරණය වූ අංක ගැන සොයා බැලෙන බවයි පැවසෙන්නේ.

දැනට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව ඇය මෙතෙක් ප්‍රකාශ කර ඇති වත්කම්වලට වඩා වැඩි වත්කම් ප්‍රමාණයක් හිමිකරගෙන සිටින බවයි හෙළිව ඇත්තේ.

මෙම දේපළ සහ වත්කම් උපයාගත් ආකාරය සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් කොට්ඨාසය විසින් පරීක්ෂණ සිදු කරන්නේ මගෙන් රටට සංවිධානයේ සභාපති සංජය මහවත්ත විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles