ඊයේ (21) දා දියතලාව ෆොක්ස් හිල් මෝටර් ධාවන තරගය අතුරතුර සිදුවූ අනතුරින් කුඩා දැරියක් ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණා.
එහිදී ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුට දිවි අහිමි වූ අතර, සෙසු සියලුදෙනා තරගය නැරඹීම සඳහා පැමිණ සිටි අය බවයි සඳහන් වන්නේ.
මෙහි දී දිවි අහිමි වූ පිරිස අතර 8 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ පදිංචිව සිටි මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ පදිංචිව සිටි 19 හැවිරිදි චමත් නිරෝෂන්, අරුණ ශාන්ත උපාලිගමගේ නැමති 62 හැවිරිදි මාතර පදිංචිව සිටි අයෙක්, 20 හැවිරිදි අකුරැස්සේ පදිංචි අසේන් හීනටිගල, 32 හැවිරිදි රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර පදිංචිව සිටි ගනේෂ් ජයවර්ධන අය බවයි අනාවරණය වන්නේ.
රසික අබේනායක ශ්‍රී ලංකා යුද හමුදා රගර් කණ්ඩායමේ සාමාජිකයෙකු බව වාර්තා වෙනවා.
මේ අතර, අදාළ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථ රියදුරන් දෙදෙනා අප්‍රේල් මස 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණා.