අඩු අදායම්ලාභීන්‌ට නිවාස දහස් ගණනක්

නුවන් හෙට්ටිආරච්චි

කොළඹ දිස්ත්‍රිකක්යේ අඩු අදායම්ලාභීන් සහ අවදානමට ලක්ව ඇති මහල් නිවාසවල පදිංචිකරුවන් සඳහා නිවාස 5,000 කට ආසන්න ප්‍රමාණයක් ඉදි වෙමින් පවතිනවා.

මෙම 5000 කට ආසන්න නිවාස මහල් නිවාස සංකීර්ණ 6 ක ඉදිකරන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ.

කොළඹගේ මාවත, ස්ටේඩියම් ගම, ඇපල්වත්ත, ෆර්ගසන් පාර, ඔබේසේකරපුර සහ මාදම්පිටිය යන ප්‍රදේශවල මෙම නිවාස සංකීර්ණ ඉදිකරනවා.

එම නිවාස ඒකකයක් වර්ග අඩි 550 කින් යුක්ත වන අතර එම නිවාසලාභීන්ට ඔප්පුව සහ නොමිලයේ ජල සහ විදුලි සම්බන්ධතාව ඇතුළු පහසුකම් රැසක් හිමි වන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ.

ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුවේ අනුග්‍රහය යටතේ එම නිවාස සංකීර්ණ ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles