යතුරුපැදි-දුම්රිය අනතුරෙන් ජීවිත තුනක් අහිමි වෙයි

ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාර්ගයේදී අද සිදු වූ දුම්රිය අනතුරකින් තරුණයන් තිදෙනකු මියගිය බව පොලීසිය පවසනවා.

මරදාන සිට මාතර බලා ධාවනය වූ රුහුණු කුමාරී සිඝ්‍රගාමී දුම්රියේ එම තරුණයන් ගමන් ගත් යතුරු පැදිය ගැටී ඇති අතර අනතුරින් යතුරු පැදියෙ ගමන් ගත් තරුණයන් තිදෙනාම මිය ගොස් තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමේ කැකිල්ලමණ්ඩිය පදිංචි විසි හැවිරිදි තරුණයන් තිදෙනෙක්.

ඔවුන් ඊයේ(23) සවස යතුරුපැදියේ ටයරයක් මාරු කර දන්සල්වලට යාම සඳහා යමින් සිටියදි මෙම අනතුර සිදු වූ බව සඳහන්.

අනතුර සිදුවූ තැනම එක් තරුණයකු මිය ගොස් සිටි බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය ගිය බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles