මේ වන විට යටපත්ව ඇති, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ කතිකාව නැවත මතු වී තිබෙනවා.
පසුගිය දා තරුණ නීති වෘත්තිකයන් පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී ජනපති රනිල් වික්රමසිංහ පවසා තිබුණේ තිබුණේ ජනාධිපතිවරණයට එන බව කියන කිසිදු අපේක්ෂකයෙකු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කිසිවක් නොකියන බවයි.
සමඟි ජනබලවේග පක්ෂයේ හර්ෂණ රාජකරුණා ඉරිදා ලංකාදීපයට ප්රකාශ කර ඇත්තේ එම පක්ෂය විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමට එකඟතාවකට පැමිණ ඇති බව සහ එය ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශනයට ඇතුළත් කරන බවයි.
ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ සුනිල් වටගලද පවසන්නේ සිය ආණ්ඩුවක් යටතේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට මේ වන විටත් ප්රකාශ කර ඇති බවයි.
එක්සත් ජාතික පක්ෂය 1994 වසරේදී පැවැත්වූ කතරගම සම්මේලනයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා සම්මත කරගත යෝජනාව තවදුරටත් වලංගු බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංගේ බණ්ඩාර පවසනවා.
ඒ අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට මේ වන විට එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය එකඟතාව පළ කර තිබෙනවා.