පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සමගි ජන බලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිසි මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ එස්.එම්.එම් මුෂාරෆ් මෙලෙස ජනාධිපතිවරයා සමඟ එක්වී තිබෙනවා.
එම මන්ත්‍රීවරුන් මීට සුළු මොහොතකට පෙර විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මේ බව කියා සිටියා.