තිස්සමහාරාම ජූල්පල්ලම, සිවුජනගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක නිධන් සෙවීම සදහා කැනීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු කැනීම් උපකරණ සමග අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.
වැඩිදුරටත් පොලිසීය සදහන් කරන්නේ කතරගම ප්‍රදේශිය ලේකම් කාර්යාලයේ කලමනාකරණ නිලධාරියෙකු ද සිටින බවයි. නිධන් හාරන ලද ඉඩමේ හිමිකරු ද ඔහු බව හෙළි වී තිබෙනවා.
මෙම සැකකරු තංගල්ල නාකුලුගමුවේ පදිංචි කරුවෙක්. අනෙක් සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි විශ්‍රාමික යුද හමුදා නිළධාරියෙකු වන අතර අනෙක් සැකකරු මැදවල කැන්දහින්න ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක් බව සඳහන් වෙනවා.