වසර 15ක් රිමාන්ඩ්ව සිටි තිදෙනෙක් නිදහස්: ප්‍රමාණවත් සාක්ෂි නැහැ


2006 වසරේ බෝම්බ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකු වසර 15ක් රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලබා ඇතැයි වාර්තා වෙනවා.

2006 අගෝස්තු මාසයේදී කොල්ලුපිටියේදී එවක පාකිස්තාන මහකොමසාරිස්වරයාගේ රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් එල්.ටී.ටී.ඊ සාමාජිකයින් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම නඩුව විභාගයට ගත් කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් මෙම නඩුවේ සියලු චෝදනාවලින් ඔවුන් නිදහස් කරමින් අද තීන්දුවක් නිකුත් කරනු ලැබුවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නොමැති බවයි.

යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන් සහ කනගරත්නම් හෙවත් ගිරි යන විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබූ අතර වසර 15ක රක්ෂිත බන්ධනාගාර ජීවිතයකින් පසුව නිදහස ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles