දකුණේ අවි හිස ඔසවයි: දෙතැනක වෙඩි-තුනක් මරුට

ස්ථාන දෙකකදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය සඳහන් කරනවා.

ඊයේ (11) රාත්‍රී කාලයේ අම්බලන්ගොඩ පොලිස් වසමේ ගලගොඩ, වෙළඳ සැලක් තුළ නාඳුනන යතුරුපැදිකරුවන් දෙදෙනෙක් තැබූ වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙකු මිය ගොස් තුන් දෙනෙක් තුවාළ ලබා තිබෙනවා.

පිටිගල පොලිස් වසමේ ද එවැනි ම ප්‍රහාරයකින් එක් අයෙක් මිය ගොස් තිදෙනෙක් තුවාළ ලබා ඇති බව වාර්තා වෙනවා.

මෙම අවස්ථා දෙකේම ප්‍රහාර සඳහා ටී56 ගිනි අවියක් භාවිතා කර ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles