චීන ටික්ටොක් සමාජ ජාලයට අයත් කැනඩාවේ පිහිටි කාර්යාල වසා දැමීමට එරට රජය නියෝග කර තිබෙනවා.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සඳහන් කරමින් අදාළ ආයතන වසා දැමීමට කැනේඩියානු රජය නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අන්තර්ජාලය ඔස්සේ ටික්ටොක් සමාජ ජාලයට ප්‍රවේශ වීම සඳහා කැනේඩියානු ජාතිකයින්ට තහනමක් නොමැති බවයි රජය දැනුම් දී තිබෙන්නේ.
කෙසේවෙතත් අදාළ ආයතන වසා දැමීමට රජය ගත් තීරණය හේතුවෙන් දේශීය රැකියා බොහෝ සංඛ්‍යාවක් අහිමි වන බවට ටික්ටොක් ආයතනයේ ප්‍රකාශකයෙකු පවසනවා.
කෙසේ වෙතත් කැනේඩියානු රජය ගත් එම තීරණයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයක් සඳහා යොමු වීමට ඔවුන් තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.