පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන්න කාලයයි: අගරදගරු හිමිගෙන් ප්‍රකාශයක්

මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළැඹී ඇති බව අගරදගරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසා තිබෙනවා.

ඒ ජාත්‍යන්තර කතෝලික ජනමාධ්‍ය සේවා ආයතනය සංවිධානය කරන සිග්නීස් සිනමා සම්මාන උළෙලට සහභාගි වෙමින්. ඊයේ (26) මෙම සම්මාන උළෙල කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා.

එහිදී කාදිනල් හිමි පැවසූ අදහස් කොටසක් පහත දැක්වෙනවා.

“මෙතෙක් අප රට පාලනය කළ පාරම්පරික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කිරීමේ කාලය එළඹී ඇත. දේශපාලන, පවුල්වාදය හා පරගැතිබව තුරන් කරමින් රටතුළ නව ප්‍රබෝධයක් ඇති කරලීමේ කාලය අත ළඟය. ඇස්බැස්ටෝස් තහඩුවට, රුපියල් 5,000ට හෝ බත්මුලට, මත්පැන් බෝතල් භාගයට ඡන්දය භාවිතා කළ යුගය අපි අවසන් කළ යුතුයි. සම්ප්‍රදායික ජනපීඩක දේශපාලකයින් වෙනුවට රටට ආදරය කරන නව නායකත්වයක් කරා යමින් අප දේශය නව විමුක්තියක් කරා රැගෙන යෑමට ඊළඟට අපි සැවොම ක්‍රියාකළ යුතුය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles