මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ ටී.එන්.ඒ මන්ත්‍රීවරු අතර හමුවක් 9 වැනිදා පස්වරුවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී සිදුව තිබෙනවා.
මෙහදී අමාත්‍යවරයා සහ මන්ත්‍රීවරු අතර පළාත් සභාවලට වෙත පොලිස් බලතල ලබා දීම, 13 වැනි සංශෝධයේ අවශ්‍යතාව ආදී කරුණු ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා සිදුවුණ බව වාර්තා වනවා. උතුරේ මත්ද්‍රව්‍ය සහ අපරාධ වැඩි වීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරු පවසා ඇති අතර ඒ ගැන ක්‍රියා කිරීමට පොලිසිය පත් කර ඇති විශේෂ කමිටුවට තොරතුරු ලබා දෙන ලෙස අමාත්‍යවරයා දන්වබා තිබෙනවා.
මෙම හමුවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක,පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූ බවයි වාර්තා වන්නේ. දෙමළ සංධානයේ ඉල්ලීම පරිදි නැවත දෙසතියකින් මීළඟ සාකච්ඡාව පැවැත්වීමට දෙපාර්ශ්වය එකඟ වුණු බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.