සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රිය ජාවත්ත සළුසල අසලදී අනතුරකට ලක්ව ඇති බව නාරාහේන්පිට පොලිසිය පවසනවා.
මෙම අනතුරෙන් මන්ත්රීවරයා ඇතුළු තිදෙනෙක් තුවාල ලබා පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
මන්ත්රීවරයා ගමන්ගත් ජීප් රිය මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පැවසෙනනේ. තුවාල ලැබූ අය අතර මෝටර් රථයේ රියදුරු සහ තවත් මගියෙක් ද ඇති බව සඳහන්.