දෙමළ ජාතික සන්ධානය (TNA) දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය බව සහ දීර්ඝ කාලයක් ප්‍රමාද වී තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහිදී දෙමළ ජාතික සන්ධානය කියා සිටින්නේ දෙමළ ජනයාගේ ගැටලුවට දේශපාලන විසඳුමක් සඳහා කටයුතු කිරීමට දෙමළ දේශපාලන පක්ෂවලට 1956 වසරේ සිටම ජනවරම ලැබී තිබෙන බවයි.
“අපගේ ස්ථාවරය වන්නේ බලය බෙදා ගැනීම දෙමළ ජනතාවගේ අභිලාෂයන්ට අනුකූල වන ෆෙඩරල් ව්‍යුහයක් තුළ පැවතිය යුතු බවයි” යනුවෙන් එහි දැක්වෙනවා.
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසත් ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රජාවට ගෞරවනීය සහ අභිමානයෙන් යුතු ජීවිතයක් සහතික කරන ලෙසත් ඉන්දියාව ඉල්ලා තිබෙන බවත් ඔවුන් සිහිපත් කරනවා.