අම්පිටියෙන් සුමන හිමියන්ට එරෙහිව ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් ප්‍රශ්න කර තිබෙනවා. දෙමළ ප්‍රජාවට එරෙහිව සුමන හිමි තර්ජනාත්මක ප්‍රකාශ කළ සිදුවීම සම්බන්ධවයි මෙසේ ප්‍රශ්න කර ඇත්තේ.
පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මේ බව ඔහු විමසා තිබෙනවා.
දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්‍යයන් රසමාණික්කම්ට සුමන හිමියන් දිගින් දිගටම තර්ජනය කර ඇති අතර දකුණේ වෙසෙන සියලුම දෙමළ ජනතාව කෑලිවලට කපා දමන බව පවසමින් ප්‍රසිද්ධියේ තර්ජනය කිරීමටත් සුමන හිමි කටයුතු කිරීම ගැන එහි සඳහන් වනවා.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් විමසන්නේ සුමන හිමියන්ගේ ප්‍රකාශ රටතුළ ප්‍රචණ්ඩත්වය සහ වාර්ගික හා ආගම් වෛරය ඇතිකිරීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රකාශ බවත්, එම හිමියන්ට එරෙහිව පොලිසිය වහා පියවර නොගන්නේ ඇයිද කියායි.